විමලධර්මසූරිය කනිෂ්ඨ විද්‍යාලය

ළමා දින සැමරුම - 2023

11.png
11.png
සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය

මොරගොඩ විමලධර්ම සූරිය කණිෂ්ඨ විද්‍යාලයේ  2024 වර්ෂයේ අප්‍රේල් මස 10 වන බදාදා දින බක් මහ අසිරිය රැගෙන අප පාසලේ පැවැත්වූ කොවුල් වසන්තය ඉතා සාර්ථකව පැවැත්වුණි.
පළමුව ආරාධිත අමුත්තන් පිළිගෙන පොල්තෙන් පහන දල්වා ආගමික වතාවත් පැවැත්වුණි...
විද්‍යාලයේ සිසු දරු දැරියන් සිංහල සහ දෙමළ යන ජනවර්ග නියෝජනය කිරීමට නිවාස දෙකක් සදා ඒවායෙහි ඒ ඒ ජනවර්ගයට අදාළ චාරිත්‍ර වාරිත්‍ර සිදු කෙරිණි

අප විද්‍යාලයේ විදුහල්පති තුමිය සහ විද්‍යාලීය කාර්යමණ්ඩලය,  ශිෂ්‍ය නායක මණ්ඩලය, දෙමාපියන් සහ විද්‍යාලීය සිසු දරු දැරියන් ඉතාම සාර්ථක අන්දමින් මෙම උත්සවය සාර්ථක කර ගැනීමට වෙහෙස මහන්සි විය.
අප විද්‍යාලයේ පැවති කොවුල් වසන්තය තවත් අර්ථවත් කිරීමට අවුරුදු ක්‍රීඩා රැසක් පැවැත්වුණි 
    * ප්‍රාථමික අංශයේ ළමුන් සදහා 
* බැලුම් පිපිරවීම 
* ටොෆි ඇහිදීම 
* බොතලයට වතුර පිරවීම 
* බනිස් කෑම
* තොප්පි තරගය 
* සිඟිති අවුරුදු කුමරා කුමරිය 
යන අවුරුදු ක්‍රීඩා ප්‍රාථමික අංශයේ සිසු සිසුවියන් හට පැවැත්වුණි 

*ද්විතීයික අංශයේ  ළමුන් සදහා 
* තොප්පි තරගය
* කනාට කිරි කැවීම
* මීටර 100,200 දිවීම
* ඉදිකටුවට නූල දැමීම 
* ගෝනි රේස් දිවීම  
* හැන්ද මත දෙහි ගෙඩිය ගෙන යෑම 
* කොට්ට පොර ගැසීම 
* බනිස් කෑම
* ලිස්සන ගහ නැගීම
* අවුරුදු කුමරා කුමරිය  තේරීම 
* විකට ඇඳුම් තරගය 
* කණාමුට්ටි ගැසීම 
යන ක්‍රීඩා ද්විතීයික අංශයේ සිසු දරු දැරියන් සදහා පැවැත්වුණි

*විද්‍යාලීය ගුරු මණ්‌ඩලය ,ආදි ශිෂ්‍යන් සහ දෙමාපියන් සදහාද තරග සංවිධානය වී තිබුණි.
*විවෘත තරග ලෙස, 
* හොදම හූව
* හොදම හිනාව 
* හොදම ඇඩීම
* සැඟවුණ අමුත්තා සෙවීම 
* සැඟවුණ මල සෙවීම 
* ලබු ගෙඩියේ ඇති බීජ ගනන් කිරීම 
වැනි තරගද සංවිධානය වී තිබුණි මේ සෑම තරගයක් සදහාම  සංවිධායක මණ්ඩලය විසින්  ත්‍යාග ලබා දුන්හ 
 
මෙවැනි උත්සව පැවැත්වීමෙන් සිසු දරු දැරියන්ගේ සහෝදරකම,එකමුතුබව, කණ්‌ඩායම් හැගීම වර්ධනය වේ 
කොවුල් වසන්තය තවත් අර්ථාන්විතව අලංකාර කිරීමට විද්‍යාලීය සිසු දරු දැරියන් නර්තන අංග,ගීත ගැයීම සිදු කෙරිණි...
කොවුල් වසන්තයේ නිමාව ලෙස විද්‍යාලීය ගරු.විදුහල්පතිතුමියගේ කතාව සහ නියෝජ්‍ය විදුහල්පතිතුමාගේ ස්තූති කතාව සිදු කෙරිණි

Latest News

සති පාසල වැඩසටහන

සති පාසල වැඩසටහන

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය

පොසොන් පොහොය වැඩසටහන

පොසොන් පොහොය වැඩසටහන