විමලධර්මසූරිය කනිෂ්ඨ විද්‍යාලය

ළමා දින සැමරුම - 2023

11.png
11.png

විදුහල්පති පණිවිඩය

ආර්.පී.ඒ. චිත්‍රා රංජනී මිය

බප/ගම් විමධර්මසූරිය කනිෂ්ඨ විද්‍යාලය ගම්පහ කලාපය තුළ ප්‍රධාන මාර්ගයක මුහුණලා පිහිටා ඇති දෙක වර්ගයේ පාසලකි. පාසලින් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් දෙස් විදෙස් තනතුරු දරමින් සුවිශේෂී මෙහෙවරක් සිදු කරති.
තොරතුරු තාක්ෂණය හරහා ලොව දිනන්නට විමලධර්මසූරිය විදු මවගේ සෙවණේ හැදී වැඩෙන වර්තමාන දරු දැරියන් වෙත සුබ පැතුම් එක්කරමි.
මෙවන් පුංචි පාසලක අඩු පහසුකම් තුළින් පාසල් වෙබ් අඩවියන් නිර්මාණය කිරීම සඳහා දායකත්වය දැක්වූ ගුරු සිසු සැමට ආසිරි පතමින් අප විද්‍යාලයේ සමඟ සම්බන්ධ වී සියලු පාර්ශව සමග තොරතුරු හා අදහස් හුවමාරු කර ගනිමින් මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදාගැනීමට හැකි වනු ඇතැයි මම විශ්වාස කරමි. අප පාසලේ මෙම වෙබ් අඩවිය හා සම්බන්ධ වී පාසලේ උන්නතියට  සහයෝගය දක්වන ලෙස ඔබ සැමට ආරාධනා කරමි.
මෙම කටයුත්ත සාර්ථක කර ගැනීමට උරදුන් සැමට තුති පුදමි. වැඩි වැඩියෙන් ලෝකයට යහපත් පුරවැසියන් තැනීමට පාසල් මාතාවට ශක්තිය ධෛර්යය පතමි.

ආර්.පී.ඒ. චිත්‍රා රංජනී මිය
විදුහල්පති
බප/ගම් විමධර්මසූරිය කනිෂ්ඨ විද්‍යාලය.