විමලධර්මසූරිය කනිෂ්ඨ විද්‍යාලය

ළමා දින සැමරුම - 2023

11.png
11.png

1.සියලුම සිසුන් 7.15ට පෙර පාසලට පැමිණිය යුතුය.

2.ශිෂ්‍ය නායක නායිකාවන් පෙ.ව.7.00වන විට පාසලට පැමිණිය යුතුය.

3.පෙ.ව.7.25වන විට සියලුම පිරිසිදු කිරීමේ කටයුතු නිමාකළ යුතුය.

4.පෙ.ව.7.25ට නාදවන පළමු සීනුවට අවධානය යොමු කර දෙවනවර සීනුව නාද වන විට පේළි සැදී නියමිත ස්ථානවල සිටිය යුතුය.

5.දිනපතා පාසලට පැමිණීම අනිවාර්ය වන අතර නොවැළැක්විය හැකි හේතුවක් නිසා නොපැමිණෙන්නේ නම් දෙමාපිය / භාරකරු ශිෂ්‍ය වාර්තා පොතේ අදාල පිටුවේ ලියා අත්සන් කිරීම අත්‍යාවශ්‍ය වේ.

6.පළමු කාලපරිච්ඡේදය ආරම්භයේ සිත් පහන් කිරීමේ ගීතයට සවන් දිය යුතුය.

7.පළමු කාලපරිච්ඡේදය අවසානේ ලකුණු කළ නාම ලේඛනය පංති නායකයා/නායිකාව විසින් කාර්යාලයට භාරදිය යුතුය.

8.පාසලේ නිල ඇදුමට මාල, වළලු,මුදු,එල්ලෙන කරාඹු, සෙරෙප්පු, ඔරලෝසු වැනි දේ පැළදීම නොකළ යුතුය. ඇහිබැම සකස් කිරීම, තොල් ආලේපන, නිය ආලේපන, භාවිතය තහනම් වන අතර පිරිමි ළමුන් රැවුල මනාව කැපිය යුතුය.කොණ්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය.

9.කාලච්ඡේද මාරුවන අවස්ථාවල දී  ශිෂ්‍ය ශිෂ්‍යාවන් පන්තියෙන් අනවශ්‍ය ලෙස පිටතට නොපැමිණිය යුතුය.

10. පොලිතීන් ඇතුලු ඉවතලන ද්‍රව්‍ය පාසල තුළ බැහැර කිරීම නොකල යුතු අතර ඒ සඳහා කසල මල්ලක් සෑම ශිෂ්‍යයකු/ශිෂ්‍යාවක වෙතම තිබිය යුතුය.

11. පාසල නිමවීමට පෙර බැහැරවීමට අවශ්‍ය නම්,භාරකරුවෙකු අනිවාර්යයෙන්ම පාසලට පැමිණිය යුතුය.

12. පන්තියෙන් බැහැර යන විට පේළියක් සැදී නිශ්ශබ්දව ගමන් කළ යුතුය.

13. පාසලේ භාණ්ඩ හා උපකරණ ප්‍රයෝජනයට ගෙන නිසි තැන නැවත තැන්පත් කළ යුතුය.

14. පාසල් කාලය තුළ පාසලට පැමිණෙන කිසිවෙකු හෝ සමග අවසර නොමැතිව කතා කිරීම නොකළ යුතුය.

15. විවේක කාලය නිම වී සීනුව නාද කළ විට හැකි ඉක්මනින් පන්ති කාමරයට ගොස් පරිසර ගීතයට අවනත විය යුතුය.